වැඩිහිටි නිවාස කිවු සැනින් කකුල් පල්ලෙ හුජ්ජ ගලන්නේ ඇයි

මෙම ලිපියෙන් මම කන්ඩායමි දෙකකට චෝදනා කරමි. කාගෙවත් සිත් රීදීමි වලක්වනු වස් සමාජ සත්‍යක් යටපත් කල නොහැකිය. ලංකාවෙ තුල අති බහුතරයකට වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් හුස්ම හිරවෙන්නට ඒන්නේ මන්ද ?.

තවමත් ලංකාවේ අති බහුතර පිරිස් සිතාගෙන සිටින්නේ ලමා නිවාස සහ වැඩිහිටිනිවාස අලුතින් ආරම්භ කිරීම සමාජය පිරීහීමේ ලක්ශනයක් බැවින් ඒවා ඉවත් කල යුතු බවයි. මෙසේ කියනවුන් අතර ප්‍රධාන වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුන ආශිත වමේ කතිකාවයි. මගේ චෝදනාව  ඒල්ල වන්නේ මොවුන්ටයි .ලංකාවෙ යන රට ඒක දශමයකින් හෝ ඉදිරියට යා නොදී ඒකතැන පල්කරන හැන්ඩි බ්රේක් දෙක වන්නේ මේ ඩබලයි. බැලුබැල්මට ජවිපේ සහ සිංහල බෞද්ධ ජාතිකවාදය යනු ඒකිනෙක‌ෙ පරස්පර දෘශ්ටිවාද දෙකක් ලෙස පෙනුනත් ජවිපෙ යනු අවිඥානික සිංහල බෞද්ධ පක්ශකි. 2005 දි ප්‍රබල සිංහල බෞද්ධ කතිකාව ගොඩනැගුවේ මුන්ය. දේශපාලනයට ජාතිවාදය ඒන්නත් කලේද මොවුන්ය. ඒපමනක් නොව මෙකී යල්පැනගිය නුතනවාදී නොවන ව්‍යාපෘති විසින් අවසානයේ බිහිකරන සමාජ රෝග තොගය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

පසුගිය දිනෙක සිරස ආයතනයේ ප්‍රධාන ධුරයක් හෙබවු තනුජා ජයවර්ධන මෙනවිය youtube වැඩසටහනක ඒක් වෙමින් ප්‍රකාශ කර තිබුනේ අවිවාහක ඇගේ ජීවිතයේ අවසන් කාලය ඇය මහලු නිවාසයක ඇදක් මත ගෙවීමට සිහින දැක අවසන් බවයි. බොහෝ දෙනෙකු මුහුනු නොදී පලායන සත්‍යක් ඇය වීරවරියක් ලෙස බාරගෙන ඇත. මගේ අදහස අපි සිංහල බෞද්ධ ජාතිකවාදින්ගේ වැඩකට නැති කයි කතන්දර පැත්තක තියා මේ දෙස සුබවාදි දෘශ්ඨිකෝනයකින් බැලිය යුතු බව මගේ අදහසයි .මගේ පුද්ගලික අදහසනමි මේ යුගයේ මිනිසුන් (අපි ලංකාවෙ උදහරනයට ගතහොත්) විවාහයට පිවිසෙන්නේ කැමැත්තකින් තොරවයි. ලංකාව තුල කරවටක් ගිලි ඇති ගොඩ ඒ්මක් පෙනෙනතේ මානයක නොමැති තත්වයක් උඩ නුතන තරුණයා /තරුණිය විවාහ සංස්තාවට ඒක්වීම යනු හුදෙක්ම මෙිවන විට කරුනු 3ක් මත රදාපවති. ඒනම් මහලුකාලයේ අසරණයකු වීමට ඇති අවධානම,50-60 දශක වල උපන් අති සමිප්‍රදායික දෙමාපියන්ගේ බලපෑම සහ ලිංගික අවසර පත්‍රයක් ලෙස පමනී. අධිපති කතිකාවට අනුව විවාහ නොවන්නන් යනු බියගුල්ලන්ය, ලිංගික ගැටලු සහිත අයය, නැතහොත් සමලිංගිකයන්ය දරුවන් නොහදන නිසා සමාජයට වැඩක් නැත. මෙකි අසත්‍ය කැත කතා දහසක් මැද  තනුජාට ඇති කොන්ද අති බහුතරයක් පිරිසකට ලංකාවේ නැති බවයි ම‌ගේ අදහස වන්නේ.

 සිය පුද්ගලික නිදහස දෙමාපියන්ගේ සහ අධිපති කතිකාවේ උවමනාවට විවාහය වෙනුවෙන් බිල්ලට දෙන්‌‌නේ ඇයි යන්න මගේ ප්‍රශ්ණයයි ? 

දෙවනි ප්‍රශ්නට මතුවන්නේ විවාහ වෙනවාද නැද්ද යන දෙගිඩියාවෙන් පසුවන්නාගෙන්ය .මොවුන් බොහෝමයක් අධීපති මතවාදය මත පරාජයට පත්වේ .ඒ් ඒක්තාර ප්‍රායෝගික ගැටලුවක් මතයි .ඒනම් සැබැවින්ම අවිවාහකයකුට දැන් පවතින සමාජ තත්වය මතු අවසානයෙ උරුම වන්නේ කුමක්ද යන්නයි .ඒ් නියත වශයෙන්ම ඒක්කෝ මහපාරය නැතිනම් මහලු නිවාසයක අදුරු මුල්ලකි. 

මගේ ‌යෝජනාව වන්නේ වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් කකුල් පල්ලෙන් මුත්‍රා ගලායාම නැවැත්වීම පලමුවෙන් කල යූතුය. දෙවනුවෙන් කල යුතු වන්නේ අලුතින් වැඩි නිවාස ගොඩනැංවීම සහ ඒ්වායේ තත්වය ගුණෘත්මකභාවය ඉතා උසස් මටිටමකට රැගෙන ඒ්මයි. නැතහොත් විශ්‍රාම ක්‍රමයක් මෙන් අරමුදක් ගොඩනැංවීම කල හැකිය .උදහරණයක් ලෙස මම අවිවාහකයකු නමි මගේ වයස අවුරුදු 50 න් පසු  වයසට ගියාම මා වෙනුවෙන් අහවල් ආයතනයේ සියලු පහසුකම් වලින් සමන්විත කාමරයක් රෝග පරික්ශාවට වෛද්‍යවරයෙක් ක්‍රමවත් ආහාර වැඩපිලිවෙලක්ව හා මාව රැකබලා ගැනීම සදහා ආන්ඩුවෙන් වැටුප් ලබන වැඩිහිටි මනෝවිද්‍යාව පිලිබද පුහුනුවක් ලත් සේවිකාවක් සිටින බව දනිීනමි මා තවත් කලබල විය යුත්තේ මොනවාටද''. (දැනට ලංකාවේ වැඩිහිටි නිවාස යනු බලුකූඩු හා සමාන තත්වයක් ඇති ඒ්වාය) අකමැත්තෙන් විවාහ වි අවසානයේ විවිධ සමාජ ප්‍රශ්න තොගයක් ඇතිකරන මිනිසෙකු වෙනවාද නැතිනම් තමන් තෝරාගත් රැඩිකල් මාවතදිගේ වීරයකු ලෙස ගමන්කරනවාද යන්න ඒවිට බිය නැතුව තීරනය කල හැකිය. අනෙක නමි ඒවැනි තත්වයක් තුල වැඩිහිටියන් ඒ ඒ් වයස් කාන්ඩ අනුව ඒකතු පහදුවී කොමියුනිටි ඒකක හදාගෙන විවිධ ක්‍රියාකාරකම් කල හැකිය. ඇතමෙකුට කැමතිනම් සංගීතය හා විනෝදය හරහා සිය කාලය ගතකල හැකිය ආගමික වැඩ කල හැකිය. නැතහොත් දේශපාලනය කතාකල හැකිය .දරුවන්ට මල ඇනයක් නොවී කල්ගත හැකිය . 

මගේ මේ ලිපියේ ප්‍රමුඛ අරමුන වුයේ විවාහය වැනි සමාජ බන්ධනයක් වෙනුට පුද්ගලික නිදහස අගය කරන මිනිසුන් ගේ පැත්ත ගැනීමයි. මට ඒවන් මිනිසුන් හා ගැහැනුන් බොහෝ හමුවි ඇත. නමුත් සමලිංගික හෝ ලිංගික අකරමන්‍යතා ඇති මිනිසුන් වෙනුවෙන්නම් කල යුත්තේ විවාහ නොවී සිටීමට බලකිරීම හෝ ඒ් සදහා ස්වයංවාරණයක් පනවා ගැනීමට පෙලඹවිම නොව ඔවුන් වෙනුවෙන් අලුත් සමාජ කතිකාවක් ඇරභිමයි. ලෝකයට බියේ සමලිංගිකත්වය හෝ ලිංගික අකරමණතාවයක් සගවාගෙන විවාහය දිවියට ඒලඹිමෙන් පසු ඇතිවන සමාජ ගැටලු ගැන කිසිවෙකුත් කතා කරන්නේ නැත. ඒවිට ගැටලුව ‌නැවත පැමිනෙන්නේ මෙයිට වඩා භයානක ස්වරුපයකිනි. නමුත් දැනට මගේ යෝජනාව වන්නේ ඔවුනටද මේ හරහා දැනට පවතින තත්වයය අනුව යමි සහනයක් ලැබෙනු ඇති බවයි .මේ බල්ලන් අතුල් හෙලන්නේමෙතරමි නුතනවාදී අදහස් වලටය. 

ලංකාවේ ලමා නිවාස යනු අපචාර මධ්‍යස්තානයි. ‌දැන් පවතින තත්වය අනුව කිසිම විටකින් ලමා නිවාසයකින් ඒලියට ඒන දරුවකු සමාජශිලි නීතිගරුක වන අයකු ලෙස ඒලියට පැමිනෙ යැයි සිතිය නොහකැයි. ඒ්තරම්ම ප්‍රමිතියෙන් බාලය. ඒවාය‌ේ සිටින්නේ පාලිකාවන් ‌නොව වටිටිඅම්මලාය .ගූණවත් දරුවකු තැනීමටත් ඔවුන්ට ආදරය දීමටවත් සුදුසු සහ හැගීමක් නැති පිරිසක්ය .ලමානිවාස වලට උපකාර කරනාව යනුවෙන් ධනවත් මිනිසුන් කරන්නේ කන්න අදින්න යමක් දී ‌ෆොටෝගසා ෆේස්බුක් දැමිම හැරෙන්න මේවායේ ගුණාත්මක තත්වය ඉහල දැමීමට සුදුසු දේවල් නොවේ. මේ කාරනා දෙකම අනුව මගේ පුද්ගලික අදහස වන්නේ තව තවත් ලමා නිවාස ා වැඩිහිටි නිවාස බිහිකර ඒ්වායේ ගුණාත්මක තත්වය හැකි තරමි ඉහල දැමිය යුතු බවයි. ඉන් අපට විශාල වපසරියක සමාජ ප්‍රශ්ණ වලින් බෙිරුමක් ලැබිය හැකිවන ඇත යන්නයි . 


Plastic නැවත භාවිතය ගැන වචන ටිකක්

මට මේ ජායාරූප පෙල  මගේ සුපුරුදු Reddit වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.

ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ගැනීමට තියෙන වඩාත් සාර්ථකම විදිහ තමයි ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණය කිරීම. මේකෙන් විශේෂයෙන්ම ප්ලාස්ටික් භාන්ඩ උනුකරල නැවත ප්ලාස්ටික් නිශ්පාධයක් නැවත කරනවට වඩා තමන් සතුව දැනට තියෙන ප්ලාස්ටික් නිශ්පාධනය වෙනත් අරමුනක් සදහා නැවත භාවිත කිරීම වඩාත් පරිසර හිතකාමි අකාරය කියලයි කියන්නේ මොකද මේවා උනුකරන නැවත නිශ්පාධන කරනකොට පසට වෙන්න තිබිබ බලපෑම ඊලගට යන්නේ වායුගෝලයට.

ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් නිශ්පාධන භාවිත වෙන්නේ අමරිකාව රැසියාව චිනය වගේ දියුනු රටවල මේ නිශ්පාන අතරින් වැඩිම ගනනක් වෙනත් නිශ්පාධන වල ඇසුරුමි ලෙස එන ඒවා. Eco Watch වෙබි අඩවියේ සදහන් වන ආකාරයට අපි භාවිතාකරන ප්ලාස්ටික් වලින් 50% ප්‍රතිශතයක් අපි එක් වරක් භාවිතා කරල අහක දානව .ඇමරිකානුවන් වසරකට ප්ලාස්ටික් බෝතල් පමනක් බිලියන 35ක් විතර පරිසරයට මුදාහරිනව .ඒ වගේම වසරකට මුහුදු පක්ශීන් මිලියනයක් හා තවත් මුහුදු ජිවින් ලක්ශයක් පමන ප්ලාස්ටික් හින්ද මියයනව කියලත් හදහන් වෙනව.

 මේ ඉතාම සුලු සාධක කිහිපයෙන් අපට ඉදිරියෙදි එන මාරක ගැටලුව ගැන අවබෝධ කරගන්න පුලවන් කොහොම උනත් ප්ලාස්ටික් නැවත භාවිතගැන ගන්න පුලුවන් ලස්සනම උදාහරණයක් නිර්මාණශිල්පී Grath Bristman විසින් කරල තියෙනව එකතුකරගත්ත ප්ලාස්ටික් බෝතල් වලට වර්නගැන්වපු වතුර එකතුකරල නිර්මාණයකරපු සෙවන ස්ථානයක් තමයි. මේ තියෙන්නේ ප්ලාස්ටික් කතාව කොහොම උනත් නිර්මණශිලිත්වය ගැන හොද අදහසක්





Facebook නම් වාමාංශික විනෝද සාධකය ‌සහ මාතලන්ලා

ලංකාවේ දේශපාලන අවකාශය තුල ඒකිනෙකට ගැටෙන ප්‍රධාන  දේශපාලනික කන්ඩායමි දෙකක් අපට දැක ගත හැකිය.  ඒකක් නමි පොහොට්ටුවේ දේශපාලන මතය දරන පිරිස සහ  විපක්ශයේ (ජවිපෙ සහ ඒජාප) පිරිස් අතර ගැටුමය.මේ ගැටුම වසර දශකයකට පෙර තිහඩ තලයේ ක්‍රියාත්මක වු අතර ලාංකීය සමාජය දෙසට ෆේස්බුක් නම් උපකරණය මැදිහත් වීමෙන්  පසු ඒය පිටතට විද්‍යාමාන වන තත්වයක් මෙන් පෙනෙන්නට තිබේ. මේ නිසාම දැන් ‌ෆේස්බුක් දේශපාලනයක්ද බිහිව තිබේ. මේ ෆේස්බුක් පිටිය තුල වැඩිපුරම කරනම් ගසන්නේ ඉහත පිරිස් අතරින්  වාමාංශිකයන්ය.

අනෙකුත් ප්‍රදාන පක්ශ (පොහොට්ටුව සහ ඒජාප (සජබ) ) වටා රොක්වන පිරිස බෙදෙන්නේ ඒ් කන්ඩායමි දෙක වටා පමනි. (දක්ශිනාංශීක කන්ඩායමි ලෙස හැදින්විය  හැකිය  )  .  නුමුත්  ලංකාවේ වාමාංශික බෙදීමි විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. ජවිපේ -පෙරටුගාමි- හැරගිය-X නොහොත් Ex(X),Praxis, සන්නස්ගල කල්ලිය, ගුරුගේ කල්ලිය ,වංගීස කල්ලිය ‌  ආදි සහ තවත් කන්ඩායමි රැසකි.

මගේ පෞද්ගලික අදහස අනුව වාමාංශිකයා යනු ඒක් අතකින්  තමන්ගේ ආත්මය පිලිබද අර්බුධයකින් පසුවන්නෙකුය ,බහුතර දෙනා වාමාංශික දේශපාලනයට පිවිසෙන්නේ ආත්මය තුල ඇති මෙම හිස්තැන පුරවා ගන්නටය ,ඉතා සුලුතරයක් විසින් 

පවතින ක්‍රමය තුල අර්බුධය යනු තමා තුලම පවතින්නක් බව  තේරුම්ගෙන  තමාගේ ජීවිතය සහ අනෙකාගේ ජීවිතය නිවැරදිව යෙමුකල යුතු දිශානතිය  පිලිබද තීරනය කරයි.මේ  ෆේස්බුක් වාමාංශිකයන් යමි යමි  ආත්මීය  අර්බුධ වලින් පෙලෙන්නන්ය.  ඔවුන් පැය විසි හතරම සංවාද කරති .

ඒකිනෙකා මරාගිනිති .රංඩු කරති. රංඩු ෆෙස්බුක් දමති .හෙජමොනිය ,ජිජැක්, මේයසු, ලැකාන් ,ලැක්ලව්, ශන්තාල් මුෆ්, ඩෙරීඩා, ග්‍රාම්ස්චි, නිකොලස් පුලන්ත්සාස්  ආදී න්‍යයධරයින්ගේ නම් පෙලගැසීඹ සුලබ දෙයකි.මේ සියල්ල අවසානයේ ඔවුන් අවිඥානිකව බලාපොරොත්තු වන්නේ  පිලිතුරු  නැති උත්තරයකි .මුන් zoom අස්සේ මරාගෙන  ප්‍රශ්න කරන ඒක කාරණයකට හෝ උත්තරයක් ආවොත්පහු වෙනිදා සිට මුන් ඒකෙකුටවත් නින්ද යන්නේ නැත.    මුන් පැය 24 ම රන්ඩු කලත් මුන්ගේ ආත්මවලට හෝ අනෙකාගේ ආත්ම වලට ලැබෙන කිසිදු මග පෙන්වෙීමක් නැත. (අවිඥානික බලාපොරාත්තුවද මෙයයි)   

අන්න මම  අරුට  ශොට් ඒක දුන්නා. අරු මෙහෙම කලා යනුවෙන් වචන දෙක තුනක් පත අට ඒකට සිදුවා ඉහත න්‍යෘයධරයෙක්ගේ නමක් ගෙන ෆේස් බුක් සටහනක් මුන් ඒකෙක් දමයි. ඒකේ ඇතලේ ආයේ වතාවක් රන්ඩුවේ. ‌මේ සියල්‌ල අවසානය වන්නේ  වෙනසක් නොව "'අනේ මාත් ඉන්නවා, මම මේ දෙවලුත් ටිකක් දන්නවා, මා දිහාත් බලන්න .අනේ මෙන්න මම ඉන්නවා "" යැයි කදුලු නොහෙලා අනෙකා දෙපා මුල වැටීමයි .

හොදින් බලුවහොත් මේ ෆේස්බුක් රංඩු කරුවන් ව්‍යාජ ගිනුමි වලින් දැකිය හැකි ප්‍රමාණය අඩුය මන්ද සැබෑ අනන්‍යතාව  සමග මේ යුගයේ  ෆේස්ස්බුක් සමපාත වී ඇත (ඒකම ID ඒකේ දෙපැත්ත මෙන්) ඒබැවින්ව්‍යාජ ගිනුම් හරහා මුන්ගේ අනන්‍යතා  ගැටලුවට සහනයක් ලැබෙන්නේ නැත.( අඩුම තරමේ මුංගේ ලමාකාලයේ පිංතුරයක් හෝ ඒ්වයේ ඇත )  .මෙය හොද විනෝදයකි . zoom කියවාරු පැත්තක දමා ප්‍රායෝගිකත්වට බර දියයුතු යයි කියන උන් පවා නැවත නැවත කරන්නේ මේ දේමය. Facebook වාමාංශික  දේශපාලනය තුල විනෝද සාධකයක් වී ඇත්තේ මේ නිසාය  .   වාමාංශික දේශපාලනයට ඒන අතිබහුතරයක් මෙවන්   පිස්සන්ය . මුන් අතර සිටින බහුතරයක් වම දකුන නොව උතුර දකුණද මාරුවුන දෙලොව සැරිසරන ගන්දබ්බයන්ය .   පිස්සු වාට්ටුවක් තුල ගැටුමි ඇත්තේ පිස්සන් අනෙක් පිස්සන්  සමග මිස දොස්තර සමග නොවේ 

දොස්තර සමග පිස්සන් ගැටෙන්නට  ඒන්නේ පිස්සා පරික්ශා කිරිම සදහා දොස්තර වාට්ටුවට  පැමිනි පසුය .මේ වාමාංශික ෆේස්බුක්   පිස්සු වාට්ටුවෙන් ඒපිට සිට අනෙක් (දක්ශිනාංශික යැයි කිවහැකි) පාර්ශව වල සාමජීකයන්ද සිය දේශපාලන කටයුතු සදහා ෆේස්බුක් අවකාශය යොදාගනී. විශේශයෙන්ම  පොහොට්ටුව නියෝජනය කරමින් ඉසුරු ප්‍රසංග, ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන්,

චාන්‍ය හේරත් සහ සොනාල ගුණසේකර , මහින්ද පතිරණද වේ . මෙහිද ඒක් ආකාරයක විනෝදමානයක් ඇතත් ඔවුන් සෘජුව සිය දේශපාලනික මතවාදය හරි හෝ වැරදි වුනත් අවංකව ඒ් වෙනුවෙන් පෙනී සීටී. හදවතින් ඒය  විශ්වාස කරයි.මම කියන්නේ සෘජුවම දේශපාලනය සගභාගි වන්නේ මතවාදයමය බේදයකින් තොරව  මෙවන් විශ්වාසවන්තයින්  මිස අර ඉහත කිවු ආකාරයේ වාමාංශික  හිපාටුවන් නොවේ. සයිබර් තලයේ උවත්   ඒකි හිටුපාවන් කරන්නේ දේශපාලනයක් නොව අල්ලන සෙල්ලමිය .

- ජනවර්ජන නොහොත් කාලසර්ප
    (2020/03/11 - 18.00 පැයට)




කල යුත්තේ කුමක්ද ?

20 වන සියවසේදී සමාජවාදය උපන්ගෙයිම මියගියේය. ඒයට නැවත පන ගසා නැගිටීමක් නැත. ධනවාදයේ අපි ගතකරමින් සිටින කාර්තුව අතිශය සංකීර්ණ ඒකකි. ජිජැක් වැනි අපේ කාලයේ දාර්ශණිකයෙක් කියන ලෙසම ධනවාදයේ අවසානය ලෝක විනාශයකි (Catastrophe ).

මේ ක්‍රමය විසින් අපව වේගයෙන් අපේ අවසානය කරා රැගෙන යමින් සිටී.

ඒය විසින් පොලව විශ කර ඇත, වායුව විශ සහිත කර ඇත ඒය ඇස්කබාන් හි මුරකරුවන් සේ අපේ මනුශ්‍යත්වය උරාගනිමින් සිටී. තවත් බොහෝ දේ සිදුවීමට නියමිතය.

මේ යුගයේ ධනවාදයට ‌එරෙහිව කරන ක්‍රියාකාරකම පවා ධනවාදය විසින්ම අවශෝෂනය කර ගිල ගැනීමට නියමිතය. පැරණි වාමාංශික වදන්ශිල්පීන් (ඇතමුන් දෙඩුමි ශිල්පීන් නැතහොත් කයිවාරුකාරයින් ලෙසද  හදුන්වයි) කියන්නාක් මෙන් ඒක්කො තාම විප්ලවයට නියමිත මොහොත උදාවී නැත. නැත හොත් ඒය සිදුකර අනිද්දා සිට අලුත් ලෝකයකට ගිය හැකිය. ධනවාදයෙන් පසු සිදුවන්නේ ‌කුමක්ද කියා කිසිවෙකුටත් කිව නොහැකිය .ඒය ඉතා අවිනිශ්චිතය අපට කල හැකි දෙය වන්නේ මේ යුගයේ ධනවාදයේ මොහොත තේරුම් ගැනීම පමනී.නැතහොත් අප විසින් ඉදිරියට යා යුතු ගමන්මග පාදා ගැනීම පමනී

(2021/06/12 නමි මේ ඉරිදා උදේ සිට රාත්‍රි දක්වා පැයකට වරක් මේ ගීතය අසන්න)

මම බොහෝ රාත්‍රින් වල නිදිවර්ජිතව
අපට කල නොහැකි දේ ගැන පසු තැවෙමින් සිටියෙමි
ආදරියේ
මම ‌තවදුරටත් මුදල් ‌ගනන් නොකරමින්
(ඔබ සමග)රාත්‍රියේ තරු ගනන් කරන බවට
දෙවියට පොරොන්දු උනෙමි



Friends - (Taken From My Mobile Camera)


The Woman Of My Love


She was the woman
the woman who
Watched at me
Allways
With full of tears
With melancholic eyes

Short and charming
Curly hair
Bosomy and innocent
The goddes of my passion

The woman
Who cried at my shoulders
Under a hidden tree
Near a dead river
Untill i leave her forever




පිස්සන්ගෙන් දේශන ඇසීම - Beware Of Facebook Interlectuals

අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය ඒක් අකාරයක සංධිස්ථානයකි

මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්‍රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ‌ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.

නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකි. ඒනම් ඉහල ඇකඩමික අධ්‍යාපනික තත්වයක් තිබිය යුතුය. ලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්‍ය මුලික කරගත් පසුබිමක් තුල ප්‍රකට වුවන් ආදී ලෙසයි. 

මේ අනුව රටකට සිටින්නේ ඉතා සීමිත බුද්ධිමතුන් පිරිසකි .නමුත් ග්‍රාම්ස්චිට අනුව සෑම කෙනෙකුම බුද්ධිමතෙකි  ග්‍රාමිස්චියානු අදහස පෙර කී ඒකට වඩා ඉතා පුලුල් වුන ඒකකි. මෙකී ලක්ශන සහිත බුද්ධිමය කාන්ඩය ග්‍රාම්ස්චි විසින් හසුන්වනු ලබන්නේ සාම්ප්‍රදායික බුද්ධිමතුන් ලෙසයි. (Traditional Intellectuals ) .ඔවුන් සිය දැනුම උපයෝගි කරගෙන යමි බුද්ධිමය වෘත්තීන් වල නියැලෙන ආචාර්‍ය මහාචාර්‍යවරු වෛද්‍යවරු වෙනත් වෘත්තිකයන් ලෙස දැක්විය හැකිය .

ග්‍රාම්ස්චි විසින් ඉදිරිපත් කල දෙවන කාන්ඩය හැදින්වුයේ ‌අයින්ද්‍රිය බුද්ධිමතුන් ලෙසයි. අයින්ද්‍රිය බුද්ධිමතුන් යනු විවිධ සමාජ පංතින් සමග සම්බන්ධවුන ඒ්ම සමාජ පංතිවල සිතුම් පැතුමි සංවිධාන ව්‍යුහය හා කතිකාවන් කෙරෙහි බලපෑමි කල හැකි කන්ඩායමයි .

ඔවුන් ඇකඩමික බුද්ධිමතුන් නොවිය හැකිය. නමුත් අලුත් අදහස්, වෙනස්වන ලෝකය පිලිබද චින්තනයන්, සමාජ සාධාරණත්වය සහා පවතින ක්‍රමය අවබෝධ කර ගැනීමට ඒ්ඒ්සමාජ පංතිවල සිටින ජනතාව කෙරෙහි බලපෑමක් කල හැක්කේ මොවුන්ට .කල යුතු දේ කුමක්ද ? යන්න පොදුජනතාවට මග පෙන්වන්නේ මෙවුන්ය. 

අතැමි විට ඇකඩමික බුද්ධිමතුන් හරහා කල නොහැකි ඒක්තරා අකාරයක සමාජිය අවදීකිරීමක් මොවුනට කල හැකිය. ඇකඩමික බුද්ධිමතුන්ගේ අදහස් පොදු මහජනතාව අතරට රැගෙන යන ට්‍රෝජන්වරු මේ අයින්ද්‍රිය බුද්ධිමතුන් ලෙස සැලකිය හැකිය .

මීට දශක ‌තුනකට ආසන්න කාලයක් තුල බිහිවු ලාංකීය වාම දේශපාලනයේ ඒක්තරා හැරවුම් ලක්ශයක් වු X-කන්ඩායම සිය දේශපාලනික අදහස් තරුන පරපුර අතර ජනප්‍රිය කරවන විට ඔවුන් සහ සාම්ප්‍රදායික බුද්ධිමතුන් අතර ගැටුම් ඇතිවිය .

ඒක්තරා අවස්ථාවක මහාචාර්‍ය නලීන් සුවාරිස් වැනි සාම්ප්‍රදායික බුද්ධිමතෙකු ඔවුන්ව හදුන්වා තිබුනේ "ඉන්ටර්නෙට් බුද්ධිමත්තු" යන අවඥාසහගත වදනින්ය. නමුත් X කන්ඩායමට කල හැකිව තිබු සමාජ බලපෑමෙන් දශමයක්වත් නලීන් සුවාරිස් මහතාට කල හැකිවුනි දැයි ප්‍රශ්ණයකි ?

බුද්ධිමතුන් සම්බන්ධව ග්‍රාම්ස්චිගේ අදහස් වල අවසන් සංකලනය වන්නේ ධනවාදයට ඒරෙහි සමාජ පරිවර්ථනයකදී ඒයට පන දිය හැකි ඒය මෙහෙයවිය හැකි අයින්ද්‍රිය බුද්ධිමතුන් කොට්ඨාශයක් බිහිකර ගැනීම සහ සමාජ පරිවර්ථනයේදී සම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ස්වකීය බුද්ධිමය ඥානය සහ බලය සමාජ පරිවර්ථන කාර්‍ය සදහා සෘජුවම දායක කර ගැනීමට වෙහෙසවිය යුතුය යන්නයි.

අවාසනාවන්ත ලෙස මෙි යුගයේදී අපට ‌අයින්ද්‍රිය බුද්ධිමතුන් හදුනා ගැනීමට හෝ ඒකිනක මුන ගැසීමට ඇති අවකාශ ගිලිහි ඇත. ඒ් වෙනුවට Facebook වැනි සමාජ ජාලයක් ඉදිරිපත්ව ඇති නිසා පිස්සන්ටත් මේ අයින්ද්‍රිය බුද්ධිමතුන්ටත් ඒකම තලයක ගනුදෙනු කිරීමට සිදුව ඇත.දැන් අප ප්‍රවේශමි විය යුත්තේ බුද්ධිමතුන් ස්වරුපයෙන් ඒන මේ Facebook පිස්සන්ගෙන් ප්‍රවේශමි වීමය .

- V.K.W

සියල්ල නුපදී - කිසිවක් මිය නොයයි

අට වසරකට  ආසන්න කාලයක් පුරා ගල් පිලිම වලට සහෝදරත්වය ආරෝපනය කිරීමට ගොස් ඒක් පිරිසක්  ඉදිියේ විහිලුවක් බවට පත්වු  මම දැන් ඒකී සියලු බොල් (ගල්)  පිලිමවලට වඩා ශක්තිමත් මෙන්ම පෙරටත් වඩා ශක්තිමත් ආත්මයකට  උරුමකම් කියන්නෙක් වෙමි.

සියලු මතක මිය යන්නේ නැත. සෑම පිරිමියකුගේම ජීවිතයේ ඔිනැම හැරවුම් ලක්ශයක සිටින්නේ ඒක්තරා ගැහැණියකි .ඒ ලෙස පැමිණී ඒක්තරා ගැහැණියක් මීට  පස්වසරකට පෙර මට  වේගවත්   අතුල් පහරක් දී අතුරුදන් විය. ඇය  මගේන් අසන ලද්දේ  ""යකෝ බලාපිය අපේ ජීවිත  නරුම කමෙන් ගෙවෙන හැටි ""  ලෙසයි. ඒදා සිට මේ මොහොත දක්වා දිවා රාත්‍රි දෙකෙහිම  මා මගෙන්  අසන ලද්දේ අපි මේ ජිවත් වන්නේ  කුමන අකාර‌ේය විපරීත  යුගයකද යන්නයි?

කලකට පෙර බිලොගින් කල  බොහෝ බ්ලොග්කරුවන්  (Blogger/WP)වැනි වේදිකා අතහැර  Facebook  පිස්සන් කොටුවට මාරුවිය. මමද බිලොග් අවකාශය ඇතුලුව තවත් බොහෝදේ  අතහැරගොස් කැඩපතක් ඉදිරියේ  ( මා වැඩිපුර බිලොග් කියවුවෙක් මිස  ලියුවෙක් නොවේ) මම මගෙන්ම ඇසුවේ පෙර සදහන් කල  නරුම කාලකන්නි මගේ ජීවිතයට ඉතුරු කලේ  මොනවාද යන්නයි ? 

මා විශ්වාස කරන ලෙස මිනිසෙකු ලෙස ලද  ජීවිතයට ඇත්තේ  අර්ථයන් දෙකක් පමණී. එක්කො මිනිසෙක් තමා සතු සියලු දෙයම අහිමි වුනත් කුමන නරකක් සිදුවුනත් ජීවිතයම අහිමිකරගෙන හෝ   සදාතනිකව සිය අනෙකාට ආදරය කිරීමට තීරනය කල යුතුය. 

නැතහොත්  මේ නරුමවාදී දුශිත සමාජ ක්‍රමය උසස් තැනකට රැගෙන ඒ්ම  වෙනුවෙන්  සිය ජීවිතයම කැප කල යුතුය. මෙකී දෙකම හෝ දෙකෙන් ඒකක්වත් නැතිනමි මා සලකන්නේ ඒය තඹ දොයිතුවන් නොවටිනා මලකඩ ගැසු ආත්මයක් ලෙසයි.  පෙර කියන ලද නරුමයන් විසින් මම උන්ගේ මලකඩ ලැයිස්තුවෙන් පිටුවහල් කල  නිසා (Excommunicated) ඉහත අන්ත දෙකෙන් ඒකක් තෝරා ගැනීමට තරමි භාග්‍යවන්තයෙක් වුනෙමි.  

මීට වසර ගනනාවකට පෙර මගේ බිලොගයේ වරින් වර  සටහන් වුයේ ජිවන අත්දැකීමි පිලිබද ලිපිය. නමුත් දැන් මා අත්දැකීමි අතිනුන් චින්තනය අතිනුත් බොහෝ වෙනස්ව සිටිමි.පසුගිය තෙවසර  පුරාම මා කරන ලද්දේ ම‌ගේ ජිවිතයේ අදුරට ගොදුරුවෙමින් පැවති කලාප ධුමායනයකට ලක්කොට ඒහි සිටි විලෝපික පරපෝශිතයන් මරා දැමිමයි.  මා මෙතන් සිටි ලිවීමට අපේෂා කරන මාතෘකා වෙනස්ය. පරන ලිපි 30 ක් පමන ආපසු කෙටුම් පත් (Drafts) බවට හරවා අලුත් ලිපි පෙල ලියන්නට පටන් ගතිමි. දැනටත් බ්ලොග් අවකාශයේ ඉතුරුව සිටින මිතුරු මිතුරියන් මා සුහද ලෙස පිලිගනු ඇතැයි සිතමි. 

අලුත් ආරම්භය සුභවාදි බලාපොරොත්තු රැසකින් පිරී ඉතිරී ඇත ........!!!!