සියල්ල නුපදී - කිසිවක් මිය නොයයි

අට වසරකට  ආසන්න කාලයක් පුරා ගල් පිලිම වලට සහෝදරත්වය ආරෝපනය කිරීමට ගොස් ඒක් පිරිසක්  ඉදිියේ විහිලුවක් බවට පත්වු  මම දැන් ඒකී සියලු බොල් (ගල්)  පිලිමවලට වඩා ශක්තිමත් මෙන්ම පෙරටත් වඩා ශක්තිමත් ආත්මයකට  උරුමකම් කියන්නෙක් වෙමි.

සියලු මතක මිය යන්නේ නැත. සෑම පිරිමියකුගේම ජීවිතයේ ඔිනැම හැරවුම් ලක්ශයක සිටින්නේ ඒක්තරා ගැහැණියකි .ඒ ලෙස පැමිණී ඒක්තරා ගැහැණියක් මීට  පස්වසරකට පෙර මට  වේගවත්   අතුල් පහරක් දී අතුරුදන් විය. ඇය  මගේන් අසන ලද්දේ  ""යකෝ බලාපිය අපේ ජීවිත  නරුම කමෙන් ගෙවෙන හැටි ""  ලෙසයි. ඒදා සිට මේ මොහොත දක්වා දිවා රාත්‍රි දෙකෙහිම  මා මගෙන්  අසන ලද්දේ අපි මේ ජිවත් වන්නේ  කුමන අකාර‌ේය විපරීත  යුගයකද යන්නයි?

කලකට පෙර බිලොගින් කල  බොහෝ බ්ලොග්කරුවන්  (Blogger/WP)වැනි වේදිකා අතහැර  Facebook  පිස්සන් කොටුවට මාරුවිය. මමද බිලොග් අවකාශය ඇතුලුව තවත් බොහෝදේ  අතහැරගොස් කැඩපතක් ඉදිරියේ  ( මා වැඩිපුර බිලොග් කියවුවෙක් මිස  ලියුවෙක් නොවේ) මම මගෙන්ම ඇසුවේ පෙර සදහන් කල  නරුම කාලකන්නි මගේ ජීවිතයට ඉතුරු කලේ  මොනවාද යන්නයි ? 

මා විශ්වාස කරන ලෙස මිනිසෙකු ලෙස ලද  ජීවිතයට ඇත්තේ  අර්ථයන් දෙකක් පමණී. එක්කො මිනිසෙක් තමා සතු සියලු දෙයම අහිමි වුනත් කුමන නරකක් සිදුවුනත් ජීවිතයම අහිමිකරගෙන හෝ   සදාතනිකව සිය අනෙකාට ආදරය කිරීමට තීරනය කල යුතුය. 

නැතහොත්  මේ නරුමවාදී දුශිත සමාජ ක්‍රමය උසස් තැනකට රැගෙන ඒ්ම  වෙනුවෙන්  සිය ජීවිතයම කැප කල යුතුය. මෙකී දෙකම හෝ දෙකෙන් ඒකක්වත් නැතිනමි මා සලකන්නේ ඒය තඹ දොයිතුවන් නොවටිනා මලකඩ ගැසු ආත්මයක් ලෙසයි.  පෙර කියන ලද නරුමයන් විසින් මම උන්ගේ මලකඩ ලැයිස්තුවෙන් පිටුවහල් කල  නිසා (Excommunicated) ඉහත අන්ත දෙකෙන් ඒකක් තෝරා ගැනීමට තරමි භාග්‍යවන්තයෙක් වුනෙමි.  

මීට වසර ගනනාවකට පෙර මගේ බිලොගයේ වරින් වර  සටහන් වුයේ ජිවන අත්දැකීමි පිලිබද ලිපිය. නමුත් දැන් මා අත්දැකීමි අතිනුන් චින්තනය අතිනුත් බොහෝ වෙනස්ව සිටිමි.පසුගිය තෙවසර  පුරාම මා කරන ලද්දේ ම‌ගේ ජිවිතයේ අදුරට ගොදුරුවෙමින් පැවති කලාප ධුමායනයකට ලක්කොට ඒහි සිටි විලෝපික පරපෝශිතයන් මරා දැමිමයි.  මා මෙතන් සිටි ලිවීමට අපේෂා කරන මාතෘකා වෙනස්ය. පරන ලිපි 30 ක් පමන ආපසු කෙටුම් පත් (Drafts) බවට හරවා අලුත් ලිපි පෙල ලියන්නට පටන් ගතිමි. දැනටත් බ්ලොග් අවකාශයේ ඉතුරුව සිටින මිතුරු මිතුරියන් මා සුහද ලෙස පිලිගනු ඇතැයි සිතමි. 

අලුත් ආරම්භය සුභවාදි බලාපොරොත්තු රැසකින් පිරී ඉතිරී ඇත ........!!!!


4 comments:

  1. අලුත් ආරම්භයට ජය වේවා! පරණ පෝස්ට් ඉවත් නොකළා නම්, අපට මගහැරුණු පැරණි ඔබ නැවත හඳුනාගන්න තිබුණා.

    ReplyDelete
  2. ඩ්‍රාෆ්ට් ටික අපරාදේ කිව්වත් වගේ. දැන් ලියන ඒවා කියවන්නම්

    ReplyDelete

ඔබෙ අදහස