විශ්වාසා පරමා ඥෘති - Belive The Revolution

මා කුඩාකල හැදී වැඩුනේ දැඩි සිංහල බෞද්ධ පරිසරයකය. මා ජීවත් වුන ප්‍රදේශයේ අන්‍යාගමිකයන් සිටියේ ඉතා අල්ප ප්‍රමාණයක් බැවින් මට ඔවුන්ගේ අදහස් දැන ගැනීමට නොහැකි වීමි. ඒ් නොහැකියාවන් විසින් මා කොටු කරගත්තෙක් විය. බොහෝ විට ක්‍රිස්තියානිය සහ ස්ලාමි වැනි ඒ්බ්‍රහමික ආගම් ගැන මට තිබ්‍රනේ ගුප්ත සහගත හැගීමකි.

කුඩා කල මම සිතුවේ ලෝකයේ ලස්සනම රට ලෝකයේ හොදම රට හා වාසනාවන්තම රට ලංකාව බවයි.මට උගන්වා තිබුනේ ඒසේය .වයසෙන් වැඩෙන විට හදේ හාවෙන් නැති බව මම දැනගත්තෙමි. බිල්ලා සේම ඇත්තටම  නත්තල් සීයා කෙනෙක්ද නැති බව මම දැන ගතීමි.ඒසේම අපේ රට සම්බන්ධයෙන්ද මම දැන සිටි දේවල් සහ මුලින්ම වැරදි බව මම දැන ගතිමි. 

මින් උපදින ක්ශතිය විසින් මා විසින් සමාජය  ප්‍රශ්න කිරීමකට ලක්කරන ලදී .මෙම ප්‍රශ්ණ කිරීම පුපුරා ගිය උච්චතම අවස්ථාව වන්නේ 2016 අග භාගයේ ඒක්තරා ගැහැනියක් විසින් මගේ කන පලා යාමයි. මින් පසු ගැටලුව සමාජයේ නොව ඉන් කොටසක් මා තුලමද වර්ධනය වන බව අවබෝධකර ගත්තෙමි. මගේ පලමු ප්‍රශ්නය වුයේ මා නොවන මා තුල සිටින මගේ අනෙක් අර්ධය ගැන විමර්ශනය කිරීමයි. දෙවැන්න කාටිසියානු බැම්මෙන්  ඒපිට ලෝකයයි (බාහිර සමාජය).

දැන් පස්වසරකට පසු  මම ඒහි වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටිමි .සාරයෙන් තොර ප්‍රේමය යනු  කුමක් දැයි මම දැන් දනිමි.අපේ ගතානුගතිකත්වය විසින් අපේ ජීවිත සිරගත කර ඇති නමුදු මට ඒ් බැමි සිද දැමිය හැකි විය. බොහෝ ලාංකිකයන්ට දැකගත නොහැකි ‍ලෝකයක් දැක ගැනීමට මම සමත් වී .

පහත දැක්වෙන්නේ  බයිබලයේ කොරින්ති 13 පාඨයෙන් නිස්සාරණය කර ගන්නා ලද කොටස්ය. 

මෙහි රතු පැහැති අක්ශරයෙන් දැක්වෙන්නේ  අපි කෙදිනක හෝ ලගා කර ගත යුතු අනාගත‌ දේශපාලනික දැක්මයි.

''//   මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි. මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැතිනම්, මට කිසි ප්‍රයෝජනයක් නැත. 

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක නැති වන්නේ නැත. 

මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි. එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයයි. //''


විශ්වාසා පරමා ඥෘති
(විප්ලවය විශ්වාස කරන්න)







No comments:

Post a Comment

ඔබෙ අදහස කියන්න