Facebook නම් වාමාංශික විනෝද සාධකය ‌සහ මාතලන්ලා

ලංකාවේ දේශපාලන අවකාශය තුල ඒකිනෙකට ගැටෙන ප්‍රධාන  දේශපාලනික කන්ඩායමි දෙකක් අපට දැක ගත හැකිය.  ඒකක් නමි පොහොට්ටුවේ දේශපාලන මතය දරන පිරිස සහ  විපක්ශයේ (ජවිපෙ සහ ඒජාප) පිරිස් අතර ගැටුමය.මේ ගැටුම වසර දශකයකට පෙර තිහඩ තලයේ ක්‍රියාත්මක වු අතර ලාංකීය සමාජය දෙසට ෆේස්බුක් නම් උපකරණය මැදිහත් වීමෙන්  පසු ඒය පිටතට විද්‍යාමාන වන තත්වයක් මෙන් පෙනෙන්නට තිබේ. මේ නිසාම දැන් ‌ෆේස්බුක් දේශපාලනයක්ද බිහිව තිබේ. මේ ෆේස්බුක් පිටිය තුල වැඩිපුරම කරනම් ගසන්නේ ඉහත පිරිස් අතරින්  වාමාංශිකයන්ය.

අනෙකුත් ප්‍රදාන පක්ශ (පොහොට්ටුව සහ ඒජාප (සජබ) ) වටා රොක්වන පිරිස බෙදෙන්නේ ඒ් කන්ඩායමි දෙක වටා පමනි. (දක්ශිනාංශීක කන්ඩායමි ලෙස හැදින්විය  හැකිය  )  .  නුමුත්  ලංකාවේ වාමාංශික බෙදීමි විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. ජවිපේ -පෙරටුගාමි- හැරගිය-X නොහොත් Ex(X),Praxis, සන්නස්ගල කල්ලිය, ගුරුගේ කල්ලිය ,වංගීස කල්ලිය ‌  ආදි සහ තවත් කන්ඩායමි රැසකි.

මගේ පෞද්ගලික අදහස අනුව වාමාංශිකයා යනු ඒක් අතකින්  තමන්ගේ ආත්මය පිලිබද අර්බුධයකින් පසුවන්නෙකුය ,බහුතර දෙනා වාමාංශික දේශපාලනයට පිවිසෙන්නේ ආත්මය තුල ඇති මෙම හිස්තැන පුරවා ගන්නටය ,ඉතා සුලුතරයක් විසින් 

පවතින ක්‍රමය තුල අර්බුධය යනු තමා තුලම පවතින්නක් බව  තේරුම්ගෙන  තමාගේ ජීවිතය සහ අනෙකාගේ ජීවිතය නිවැරදිව යෙමුකල යුතු දිශානතිය  පිලිබද තීරනය කරයි.මේ  ෆේස්බුක් වාමාංශිකයන් යමි යමි  ආත්මීය  අර්බුධ වලින් පෙලෙන්නන්ය.  ඔවුන් පැය විසි හතරම සංවාද කරති .

ඒකිනෙකා මරාගිනිති .රංඩු කරති. රංඩු ෆෙස්බුක් දමති .හෙජමොනිය ,ජිජැක්, මේයසු, ලැකාන් ,ලැක්ලව්, ශන්තාල් මුෆ්, ඩෙරීඩා, ග්‍රාම්ස්චි, නිකොලස් පුලන්ත්සාස්  ආදී න්‍යයධරයින්ගේ නම් පෙලගැසීඹ සුලබ දෙයකි.මේ සියල්ල අවසානයේ ඔවුන් අවිඥානිකව බලාපොරොත්තු වන්නේ  පිලිතුරු  නැති උත්තරයකි .මුන් zoom අස්සේ මරාගෙන  ප්‍රශ්න කරන ඒක කාරණයකට හෝ උත්තරයක් ආවොත්පහු වෙනිදා සිට මුන් ඒකෙකුටවත් නින්ද යන්නේ නැත.    මුන් පැය 24 ම රන්ඩු කලත් මුන්ගේ ආත්මවලට හෝ අනෙකාගේ ආත්ම වලට ලැබෙන කිසිදු මග පෙන්වෙීමක් නැත. (අවිඥානික බලාපොරාත්තුවද මෙයයි)   

අන්න මම  අරුට  ශොට් ඒක දුන්නා. අරු මෙහෙම කලා යනුවෙන් වචන දෙක තුනක් පත අට ඒකට සිදුවා ඉහත න්‍යෘයධරයෙක්ගේ නමක් ගෙන ෆේස් බුක් සටහනක් මුන් ඒකෙක් දමයි. ඒකේ ඇතලේ ආයේ වතාවක් රන්ඩුවේ. ‌මේ සියල්‌ල අවසානය වන්නේ  වෙනසක් නොව "'අනේ මාත් ඉන්නවා, මම මේ දෙවලුත් ටිකක් දන්නවා, මා දිහාත් බලන්න .අනේ මෙන්න මම ඉන්නවා "" යැයි කදුලු නොහෙලා අනෙකා දෙපා මුල වැටීමයි .

හොදින් බලුවහොත් මේ ෆේස්බුක් රංඩු කරුවන් ව්‍යාජ ගිනුමි වලින් දැකිය හැකි ප්‍රමාණය අඩුය මන්ද සැබෑ අනන්‍යතාව  සමග මේ යුගයේ  ෆේස්ස්බුක් සමපාත වී ඇත (ඒකම ID ඒකේ දෙපැත්ත මෙන්) ඒබැවින්ව්‍යාජ ගිනුම් හරහා මුන්ගේ අනන්‍යතා  ගැටලුවට සහනයක් ලැබෙන්නේ නැත.( අඩුම තරමේ මුංගේ ලමාකාලයේ පිංතුරයක් හෝ ඒ්වයේ ඇත )  .මෙය හොද විනෝදයකි . zoom කියවාරු පැත්තක දමා ප්‍රායෝගිකත්වට බර දියයුතු යයි කියන උන් පවා නැවත නැවත කරන්නේ මේ දේමය. Facebook වාමාංශික  දේශපාලනය තුල විනෝද සාධකයක් වී ඇත්තේ මේ නිසාය  .   වාමාංශික දේශපාලනයට ඒන අතිබහුතරයක් මෙවන්   පිස්සන්ය . මුන් අතර සිටින බහුතරයක් වම දකුන නොව උතුර දකුණද මාරුවුන දෙලොව සැරිසරන ගන්දබ්බයන්ය .   පිස්සු වාට්ටුවක් තුල ගැටුමි ඇත්තේ පිස්සන් අනෙක් පිස්සන්  සමග මිස දොස්තර සමග නොවේ 

දොස්තර සමග පිස්සන් ගැටෙන්නට  ඒන්නේ පිස්සා පරික්ශා කිරිම සදහා දොස්තර වාට්ටුවට  පැමිනි පසුය .මේ වාමාංශික ෆේස්බුක්   පිස්සු වාට්ටුවෙන් ඒපිට සිට අනෙක් (දක්ශිනාංශික යැයි කිවහැකි) පාර්ශව වල සාමජීකයන්ද සිය දේශපාලන කටයුතු සදහා ෆේස්බුක් අවකාශය යොදාගනී. විශේශයෙන්ම  පොහොට්ටුව නියෝජනය කරමින් ඉසුරු ප්‍රසංග, ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන්,

චාන්‍ය හේරත් සහ සොනාල ගුණසේකර , මහින්ද පතිරණද වේ . මෙහිද ඒක් ආකාරයක විනෝදමානයක් ඇතත් ඔවුන් සෘජුව සිය දේශපාලනික මතවාදය හරි හෝ වැරදි වුනත් අවංකව ඒ් වෙනුවෙන් පෙනී සීටී. හදවතින් ඒය  විශ්වාස කරයි.මම කියන්නේ සෘජුවම දේශපාලනය සගභාගි වන්නේ මතවාදයමය බේදයකින් තොරව  මෙවන් විශ්වාසවන්තයින්  මිස අර ඉහත කිවු ආකාරයේ වාමාංශික  හිපාටුවන් නොවේ. සයිබර් තලයේ උවත්   ඒකි හිටුපාවන් කරන්නේ දේශපාලනයක් නොව අල්ලන සෙල්ලමිය .

- ජනවර්ජන නොහොත් කාලසර්ප
    (2020/03/11 - 18.00 පැයට)




No comments:

Post a Comment

ඔබෙ අදහස කියන්න