වැඩිහිටි නිවාස කිවු සැනින් කකුල් පල්ලෙ හුජ්ජ ගලන්නේ ඇයි

මෙම ලිපියෙන් මම කන්ඩායමි දෙකකට චෝදනා කරමි. කාගෙවත් සිත් රීදීමි වලක්වනු වස් සමාජ සත්‍යක් යටපත් කල නොහැකිය. ලංකාවෙ තුල අති බහුතරයකට වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් හුස්ම හිරවෙන්නට ඒන්නේ මන්ද ?.

තවමත් ලංකාවේ අති බහුතර පිරිස් සිතාගෙන සිටින්නේ ලමා නිවාස සහ වැඩිහිටිනිවාස අලුතින් ආරම්භ කිරීම සමාජය පිරීහීමේ ලක්ශනයක් බැවින් ඒවා ඉවත් කල යුතු බවයි. මෙසේ කියනවුන් අතර ප්‍රධාන වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුන ආශිත වමේ කතිකාවයි. මගේ චෝදනාව  ඒල්ල වන්නේ මොවුන්ටයි .ලංකාවෙ යන රට ඒක දශමයකින් හෝ ඉදිරියට යා නොදී ඒකතැන පල්කරන හැන්ඩි බ්රේක් දෙක වන්නේ මේ ඩබලයි. බැලුබැල්මට ජවිපේ සහ සිංහල බෞද්ධ ජාතිකවාදය යනු ඒකිනෙක‌ෙ පරස්පර දෘශ්ටිවාද දෙකක් ලෙස පෙනුනත් ජවිපෙ යනු අවිඥානික සිංහල බෞද්ධ පක්ශකි. 2005 දි ප්‍රබල සිංහල බෞද්ධ කතිකාව ගොඩනැගුවේ මුන්ය. දේශපාලනයට ජාතිවාදය ඒන්නත් කලේද මොවුන්ය. ඒපමනක් නොව මෙකී යල්පැනගිය නුතනවාදී නොවන ව්‍යාපෘති විසින් අවසානයේ බිහිකරන සමාජ රෝග තොගය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

පසුගිය දිනෙක සිරස ආයතනයේ ප්‍රධාන ධුරයක් හෙබවු තනුජා ජයවර්ධන මෙනවිය youtube වැඩසටහනක ඒක් වෙමින් ප්‍රකාශ කර තිබුනේ අවිවාහක ඇගේ ජීවිතයේ අවසන් කාලය ඇය මහලු නිවාසයක ඇදක් මත ගෙවීමට සිහින දැක අවසන් බවයි. බොහෝ දෙනෙකු මුහුනු නොදී පලායන සත්‍යක් ඇය වීරවරියක් ලෙස බාරගෙන ඇත. මගේ අදහස අපි සිංහල බෞද්ධ ජාතිකවාදින්ගේ වැඩකට නැති කයි කතන්දර පැත්තක තියා මේ දෙස සුබවාදි දෘශ්ඨිකෝනයකින් බැලිය යුතු බව මගේ අදහසයි .මගේ පුද්ගලික අදහසනමි මේ යුගයේ මිනිසුන් (අපි ලංකාවෙ උදහරනයට ගතහොත්) විවාහයට පිවිසෙන්නේ කැමැත්තකින් තොරවයි. ලංකාව තුල කරවටක් ගිලි ඇති ගොඩ ඒ්මක් පෙනෙනතේ මානයක නොමැති තත්වයක් උඩ නුතන තරුණයා /තරුණිය විවාහ සංස්තාවට ඒක්වීම යනු හුදෙක්ම මෙිවන විට කරුනු 3ක් මත රදාපවති. ඒනම් මහලුකාලයේ අසරණයකු වීමට ඇති අවධානම,50-60 දශක වල උපන් අති සමිප්‍රදායික දෙමාපියන්ගේ බලපෑම සහ ලිංගික අවසර පත්‍රයක් ලෙස පමනී. අධිපති කතිකාවට අනුව විවාහ නොවන්නන් යනු බියගුල්ලන්ය, ලිංගික ගැටලු සහිත අයය, නැතහොත් සමලිංගිකයන්ය දරුවන් නොහදන නිසා සමාජයට වැඩක් නැත. මෙකි අසත්‍ය කැත කතා දහසක් මැද  තනුජාට ඇති කොන්ද අති බහුතරයක් පිරිසකට ලංකාවේ නැති බවයි ම‌ගේ අදහස වන්නේ.

 සිය පුද්ගලික නිදහස දෙමාපියන්ගේ සහ අධිපති කතිකාවේ උවමනාවට විවාහය වෙනුවෙන් බිල්ලට දෙන්‌‌නේ ඇයි යන්න මගේ ප්‍රශ්ණයයි ? 

දෙවනි ප්‍රශ්නට මතුවන්නේ විවාහ වෙනවාද නැද්ද යන දෙගිඩියාවෙන් පසුවන්නාගෙන්ය .මොවුන් බොහෝමයක් අධීපති මතවාදය මත පරාජයට පත්වේ .ඒ් ඒක්තාර ප්‍රායෝගික ගැටලුවක් මතයි .ඒනම් සැබැවින්ම අවිවාහකයකුට දැන් පවතින සමාජ තත්වය මතු අවසානයෙ උරුම වන්නේ කුමක්ද යන්නයි .ඒ් නියත වශයෙන්ම ඒක්කෝ මහපාරය නැතිනම් මහලු නිවාසයක අදුරු මුල්ලකි. 

මගේ ‌යෝජනාව වන්නේ වැඩිහිටි නිවාස සහ ලමා නිවාස කිවු සැනින් කකුල් පල්ලෙන් මුත්‍රා ගලායාම නැවැත්වීම පලමුවෙන් කල යූතුය. දෙවනුවෙන් කල යුතු වන්නේ අලුතින් වැඩි නිවාස ගොඩනැංවීම සහ ඒ්වායේ තත්වය ගුණෘත්මකභාවය ඉතා උසස් මටිටමකට රැගෙන ඒ්මයි. නැතහොත් විශ්‍රාම ක්‍රමයක් මෙන් අරමුදක් ගොඩනැංවීම කල හැකිය .උදහරණයක් ලෙස මම අවිවාහකයකු නමි මගේ වයස අවුරුදු 50 න් පසු  වයසට ගියාම මා වෙනුවෙන් අහවල් ආයතනයේ සියලු පහසුකම් වලින් සමන්විත කාමරයක් රෝග පරික්ශාවට වෛද්‍යවරයෙක් ක්‍රමවත් ආහාර වැඩපිලිවෙලක්ව හා මාව රැකබලා ගැනීම සදහා ආන්ඩුවෙන් වැටුප් ලබන වැඩිහිටි මනෝවිද්‍යාව පිලිබද පුහුනුවක් ලත් සේවිකාවක් සිටින බව දනිීනමි මා තවත් කලබල විය යුත්තේ මොනවාටද''. (දැනට ලංකාවේ වැඩිහිටි නිවාස යනු බලුකූඩු හා සමාන තත්වයක් ඇති ඒ්වාය) අකමැත්තෙන් විවාහ වි අවසානයේ විවිධ සමාජ ප්‍රශ්න තොගයක් ඇතිකරන මිනිසෙකු වෙනවාද නැතිනම් තමන් තෝරාගත් රැඩිකල් මාවතදිගේ වීරයකු ලෙස ගමන්කරනවාද යන්න ඒවිට බිය නැතුව තීරනය කල හැකිය. අනෙක නමි ඒවැනි තත්වයක් තුල වැඩිහිටියන් ඒ ඒ් වයස් කාන්ඩ අනුව ඒකතු පහදුවී කොමියුනිටි ඒකක හදාගෙන විවිධ ක්‍රියාකාරකම් කල හැකිය. ඇතමෙකුට කැමතිනම් සංගීතය හා විනෝදය හරහා සිය කාලය ගතකල හැකිය ආගමික වැඩ කල හැකිය. නැතහොත් දේශපාලනය කතාකල හැකිය .දරුවන්ට මල ඇනයක් නොවී කල්ගත හැකිය . 

මගේ මේ ලිපියේ ප්‍රමුඛ අරමුන වුයේ විවාහය වැනි සමාජ බන්ධනයක් වෙනුට පුද්ගලික නිදහස අගය කරන මිනිසුන් ගේ පැත්ත ගැනීමයි. මට ඒවන් මිනිසුන් හා ගැහැනුන් බොහෝ හමුවි ඇත. නමුත් සමලිංගික හෝ ලිංගික අකරමන්‍යතා ඇති මිනිසුන් වෙනුවෙන්නම් කල යුත්තේ විවාහ නොවී සිටීමට බලකිරීම හෝ ඒ් සදහා ස්වයංවාරණයක් පනවා ගැනීමට පෙලඹවිම නොව ඔවුන් වෙනුවෙන් අලුත් සමාජ කතිකාවක් ඇරභිමයි. ලෝකයට බියේ සමලිංගිකත්වය හෝ ලිංගික අකරමණතාවයක් සගවාගෙන විවාහය දිවියට ඒලඹිමෙන් පසු ඇතිවන සමාජ ගැටලු ගැන කිසිවෙකුත් කතා කරන්නේ නැත. ඒවිට ගැටලුව ‌නැවත පැමිනෙන්නේ මෙයිට වඩා භයානක ස්වරුපයකිනි. නමුත් දැනට මගේ යෝජනාව වන්නේ ඔවුනටද මේ හරහා දැනට පවතින තත්වයය අනුව යමි සහනයක් ලැබෙනු ඇති බවයි .මේ බල්ලන් අතුල් හෙලන්නේමෙතරමි නුතනවාදී අදහස් වලටය. 

ලංකාවේ ලමා නිවාස යනු අපචාර මධ්‍යස්තානයි. ‌දැන් පවතින තත්වය අනුව කිසිම විටකින් ලමා නිවාසයකින් ඒලියට ඒන දරුවකු සමාජශිලි නීතිගරුක වන අයකු ලෙස ඒලියට පැමිනෙ යැයි සිතිය නොහකැයි. ඒ්තරම්ම ප්‍රමිතියෙන් බාලය. ඒවාය‌ේ සිටින්නේ පාලිකාවන් ‌නොව වටිටිඅම්මලාය .ගූණවත් දරුවකු තැනීමටත් ඔවුන්ට ආදරය දීමටවත් සුදුසු සහ හැගීමක් නැති පිරිසක්ය .ලමානිවාස වලට උපකාර කරනාව යනුවෙන් ධනවත් මිනිසුන් කරන්නේ කන්න අදින්න යමක් දී ‌ෆොටෝගසා ෆේස්බුක් දැමිම හැරෙන්න මේවායේ ගුණාත්මක තත්වය ඉහල දැමීමට සුදුසු දේවල් නොවේ. මේ කාරනා දෙකම අනුව මගේ පුද්ගලික අදහස වන්නේ තව තවත් ලමා නිවාස ා වැඩිහිටි නිවාස බිහිකර ඒ්වායේ ගුණාත්මක තත්වය හැකි තරමි ඉහල දැමිය යුතු බවයි. ඉන් අපට විශාල වපසරියක සමාජ ප්‍රශ්ණ වලින් බෙිරුමක් ලැබිය හැකිවන ඇත යන්නයි . 


No comments:

Post a Comment

ඔබෙ අදහස කියන්න