Peaky Blinder රාජපක්ශ Blinders සහ පාදඩ ධනේශ්වරය

පසුගිය දිනෙක ලංකාවේද ඉතා ජනප්‍රිය වු BBC චැනලය හරහා පලමු වරට විකාශය වු Peaky Blinders නමි ටෙලි කතා මාලාවේ 06 වන කොටස මෙන්ව අවසාන කතා මාලාව විකාශය ආරම්භ විය .20 වන සියවස මුල් භාගයේ  එංගලන්තයේ බර්මින්හැමි නගරයේ ජිවත්වු Shelby නමි දාමරික පවුලක් කේන්ද්‍රගත කර ගනිමින් මේ කතාමාලාව ගලා යයි. ඒ තුල 20 වන සියවස ආරම්භයේ සක්‍රිය වු ඉතා වැදගත් සමාජ දේශපාලනික ආඛානයන් කිහිපයක් ගැන සාකච්චාකරයි .ඒ ධනවාදයේ සිග්‍ර වර්ධනය කොමියුනිස්ට්වාදයේ බලපෑම සහ ස්ත්‍රීවාදයයි. 

Lumpenbourgoisis (ලුම්පන් බුර්ශුවාව)  යන දිවපැටලවෙන වචනයේ  සිංහල වදන වන්නේ පාදඩ ධනේශ්වරය යන්නයි. පාදඩ ධනේශ්වරය යනු විවිධ අක්‍රමිකතා අල්ලස් කප්පම් හා වංචාවලින් ධනවතුන් බවට පත්වු පසුව යටත්විජිත ස්වාමිවරුන්ට සේවාවන් සැපයු විවිධ කන්ඩායමිය. මෙම කතා මාලාවේ එන ශේලබි පවුල එසේම විවිධ වංචාවලින් මුදල් ඉපැයු  පාදඩ ධනේශ්වරයට අයත් කන්ඩායමකි. (ටොමීගේ පෞරුශයට ආදරය කිරීමට ඔබට ඇති අයිතිය මින් කප්පාදු නොවේ ).

මෙම ශෙල්බි පවුලේ වැඩිමලා ආතර් ශේල්බි උවත් පවුලේ  ප්‍රධානියා දෙවනි අයියා හෙවත් තෝමස් ශෙල්බිය .මේ පවුලේ බලකනුව තෝමස් ශෙල්බිය .ශේල්බිවරු යනු රොමානි හෙවත් අභිකුන්ටයින්ට නෑකම් කියන ප්‍රභු භාවයක් නැති ලුම්පන් පවුලකි. නමුත් අවසානයේ ඔවුන් සුපිරි ප්‍රභුන් හා සමාන තත්වයට පත්වේ. ඒ තෝමස් ශේල්බිගේ මහමොලයට හා මැරකම් වලට පින්සිදු වන්නයට. 

අපේ රටේ දේශපාලන ඉතිහාසය කියවන්නකුට මෙවැනිම ප්‍රභු පවුල් සහ ලුම්පන් ධනෙශ්වර පවුල් හමුවේ. මගේ මතකටය නිවැරදි නමි බන්ඩාරනායක මහ මුදලි '' සොක්කො ලොක්කො වෙන්න හදනවා යැයි කීවේ විජේවර්ධනලායට .අරක්කු වෙලදාම පත්තර කර්මාන්තය ආදි ව්‍යෘපාර රැසකින් ඒ වනවිට විජේවර්ධනලා ප්‍රබලයින්ව සිටියා මෙන්ම සුදුස්වාමිවරුන්ට ඉමහත් පක්ෂපාතී බවක් මෙන්ම බටහිර ප්‍රභු පැලැන්තිය මෙන්ම සිය ජීවිතය සරසාගත් අයවිය. බන්ඩාරනායකවරු ඔවුන්ව සැලකුවේ තර්ජනයක් ලෙසයි.

දැන් අපි මේ යුගයේ අපේ Peaky Blinders ලා හෙවත් රාජපක්ශලා දෙසට හැරෙමු. රාජක්ශලා යනු හොරකම් මැරකම් දුශන සහ වංචාවලින් ධනවත් වු පවුලක් බව මුලු ලංකාව හොදින් දනී. පසුගිය දිනෙක අනාවරනය වු පැන්ඩෝරා පත්‍රිකාවල තොරතුරු අනුව නිරුපමා රාජක්ශගේ සැමියා හෙවත් තිරුනඩේශන් සතුව ඩොලර් මිලියන ගනනක මුලාශ්‍ර නොමැති වත්කම් අක්වෙරල සමාගම් හරහා සගවා ඇත. 

මේ පිලිබද ලිපිය අන්තර්ජාතික ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ සාමුහිකයේ නිල වෙබ් අඩවිය තුලු (Sri Lankan power couple piled up luxury homes, artworks and cash offshore as ruling family rose and rose)යන නමින් පලවිය . ලාංකාවේ අපි දන්නාලෙස ප්‍රභු පැලැන්තියකින් පැමින දේශපාලනයේ නිරතවන (ක්‍රියාකාරි නොවේ) එකම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ පමනි ලොහාන් රත්වත්තේ යනු ලුමිපන් ප්‍රභුවරයෙකි  නැතිනම් වහලුන් පාලනය කරන වංශාධිපතියෙක් ලෙසද කිව හැකිය.

2000 වර්ශයෙන් පමන පසු  ප්‍රබුපැලැන්තියේ පුරුක් දේශපාලනයෙන් අතුරුදන්ව ලුම්පන් හැතිකරය නැතහොත් පාදඩයින් කරනම් (බයියන් ලෙසද හැදින්විය හැකිය) ගසන්නට පටන් ගත්තේය (මේ හා සමාන තත්වයක් ප්‍රේමදාස යුගය හා ඉන් තරමක් පසුකාලීනවද දක්නට ලැබුනි).

දේශපාලන ආධාර ලබන පෙට්‍රල් ශෙඩ් කරුවන් ,වැලිපස් කරුවන්, කෙන්ත්‍රත්කරුවන්, බාර්මුදලාලිලා හා පොලී කරුවන් මේ යුගයේ පාදඩ ධනේශ්වරය නොහොත් ලුම්පන් බුර්ශුවාව ලෙස සැලකිය හැකිය. ඔවුන්ට පොලීසිය හෝ ප්‍රදේශිය දේශපාලඤයින් සමග සොද සබදතා ඇත. නීතියට යටත් වන්නේ නැත අල්ලස් ගෙවයි චන්ඩිකම් පෙන්වයි  මොවුන් ප්‍රදේශීය පාලකයන් වැනිය මොවුන් සතුව ඔවුන්ගෙන යැපෙන ගම්වල පිරිස් විශාල ප්‍රමානයක් සිටී .

මෙයින් වැඩි පිරිසකට විදිමත් අධ්‍යාපනයක් නැත විනයක් නැත සිරිත් විරිත් දන්නේ නැත Facebook තුල රාජක්ශලාගේ ගෑස් බහින්ට පෙර කාලයේ තිත්ත කුනුහරප වලින් විරුද්ධ පාක්ශිකයන්ට එලිපිට කොමෙන්ට් කලේ මේ ලුම්පන් බයියන්ය.

ලංකාවේ මේවන විට ලුම්පන් බුර්ශුවාව පාලනය කරන පවුල වන්නේ රාජපක්ශ පවුලයි. එබැවින් ඔවුන් ප්‍රභුන් වන්නෙ නැත ඔවුන්ද මහා පරිමානයෙන් මෙකී අපරාධම කරන Shelby පවුල වැනිම පාදඩ පවුලකි. රාජපක්ශවරු පසුකාලීනව උගත් මොඩයන් රැලක් ගොනාට අන්දවාගෙන වියත් මග යනුවේන් කසිකබලක් අවටා ගන්නේ මේ පාදඩ ව්‍යාපෘතියට සුජාත බවත් ආරුඩ කර දීමටයි. ඒ නිසා මට අනුව ලංකාවේ ශේල්බි පවුලේ තෝමස් වන මහින්ද රාජපක්ශ තෝමස් ශෙල්බිටත් වඩා පොරකි. කෙසේ නමුත් අපේ ශේල්බිලා මේ වන විට බිලියනපතියන්ය.















 

No comments:

Post a Comment

ඔබෙ අදහස කියන්න